අර්බුධ මැද අදත් පාර්ලිමේන්තුව රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව අද (23) දිනයේද රැස් වීමට නියමිතය.

පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ පෙරවරු 10.30 ටයි.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ කතානායක කරූ ජයසූරිය මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට පෙර විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් කැදවා ඇති බවයි.

එහිදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර එමෙන්ම අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රය පිළිබදවද මෙම පක්‍ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරනු ඇත බවට වාර්තා පළ වේ.

අවසන්වරට ඉකුත් 19 වනදා පැවති පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 6 කට පමණ සීමා විය.

Read more

Local News