වර්ෂාව නිසා ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි

Share

පවතින අධික වර්ෂාවත් සමඟ රාජාංගණය, තම්බෝව සහ දැදුරුඔය ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අද (24) උදෑසන දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර ඇති බවයි.

දොරටු 4ක් අඩි 4 බැගින් සහ දොරටු 4ක් අඩි දෙක බැගින් විවෘත කර තිබේ.

මේ හේතුවෙන් කලාඔයේ ජල මට්ටම ඉහළ මට්ටමක පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කළේය.

Read more

Local News