මහවිරුවන් සැමරීම දෙමළ ජනතාවගේ අයිතියක් බව විග්නේශ්වරන් කියයි

Share

යුද්ධයෙන් මියිගිය මහවිරුවන් සැමරීම දෙමළ ජනතාවගේ අයිතියක් වන අතර අදාළ අයිතිය වැළැක්වීමට කිසිවෙකුට අවසරයක් නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි.

යුද්ධයෙන් මියගිය රණවිරුවන් සිහි කිරීම ග්‍රීක යුගයේ සිට ක්‍රියාත්මකව පැවති අතර, ඒ වෙනුවෙන් කිසිවෙකුට බාධා එල්ල කිරීමට අයිතියක් හා අවසරයක් නොමැති බවයි එ් මහතා පැවසූ‍වේ.

තම ජාතිය වෙනුවෙන් යුධ වැදී මියගිය මහවිරුවන් සැමරීම සම්බන්ධයෙන් දකුණේ ජනතාව තුළ විරෝධතාවයක් පවතින නමුත්, ඒ වෙනුවෙන් උතුරේ ජනතාවට අයිතියක් පවතින බවද විග්නේශ්වරන් මහතා පවසයි.

අපගේ විරුවන් ඉතාම සාමකාමීව හා නිදහස් ලෙස සැමරීමට හා සිහිපත් කිරීම කළ යුතු බව මගේ හැගීමයි.

Read more

Local News