ගෝඨාභයගේ නඩුව 4 වනදා සිට දිනපතා විභාගයට

Share

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවට අදාළ ලේඛන විත්තිය වෙත නිසි පරිදි ලැබී තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා එම නඩුව දෙසැම්බර් මස 4 වනදා කැඳවන මෙන් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

එ් අනුව මෙම නඩුව දෙසැම්බර් මස 4 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට නියම කළේය.

මෙම නඩුව අද පෙරවරුවේ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

ඒ අනුව දෙසැම්බර් මස 4 වන දා නඩුව විභාග කිරීම සඳහා ගෙන තිබූ තීරණය අවලංගු කළ අධිකරණය එදිනට විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන නිසි පරිදි  ඔවුන් වෙත ලැබී තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා නඩුව කැඳවන මෙන් නියම කළේය.

ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

Read more

Local News