බෙල්ල මිරිකා තරුණිය මැරූ තරුණයා රිමාන්ඩ්

Share

මොනරාගල මාගන්දනමුල්ල සුමේධ වැව අසල දී කාන්තාවක ගෙල සිරකර මරාදැමූ සැකකරු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කර ඇත.

මෙලෙස බන්ධනාගාර ගත කළේ මොනරාගල රත්තනදෙනිය ප්‍රදේශයේ පදිංචි සංජීව අරුණ ශාන්ත (23) නමැති තරුණයකි.

සැකකරු ඝාතනයට ලක් වූ බඩල්කුඹුර වෙහෙර ගොඩ පදිංචි විවාහක කාන්තාවක වන ඩී. ඇම්. ශිරෝමි ප්‍රියදර්ශනී (22) නමැති තරුණිය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇත.

ඝාතනයට ලක් වූ තරුණිය සිය විවාහක සැමියාගෙන් නීතියෙන් වෙන් වී දෙපාර්ශ්වයේ කැමැත්ත මත සැකකරු හා විවාහා වීමට සූදානමින් සිටි බව තරුණිය හා හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය සැකකරුගේ සොහොයුරිය පවසයි.

කෙසේ නමුත් පසුව මේ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය මඟ හැරී ඇති බවත්, තරුණිය තරුණයාට හොරෙන් ජංගම දුරකථන 2ක් පාවිචිචි කර ඇති අතර වෙනත් තරුණයකු ලබා දුන් දුරකතන ඇමැතුමක් මත ඇති වූ ආරවුල දුර දිග යාමේ ප්‍රතිඵලය ලෙස මෙම ඝාතනය සිදු කළ බව සැකකරු පාපොච්චාරණය කර ඇත.

මේ අතර මෙම ඝතානය සිදුකරන අවස්ථාවේදී එය වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැර ඇති පුද්ගලයන්ගෙන්ද පොලිසිය සටහන් ලබාගෙන ඇත.

Read more

Local News