මිරිස් කුඩු ගසා බැංකුව කොල්ල කෑ සැකකරු හඳුනා ගනී

Share

බැංකු ශාඛාවකට කඩා වැදී එහි ආරක්ෂක නිලධාරින් ට මිරිස් කුඩු ගසා මුදල් කොල්ල කා පලා ගිය සැකකරුවකු පෙරට්ටුවකදී හඳුනාගෙන ඇත.

මෙලෙස හඳුනා ගත් සැකකරු කැළනියේ පදිංචි ජෙි. කුමාර පෙරේරා නමැතිතෙකි.

2018 අප්‍රේල් මස දිනක සැකකරු ජා- ඇල කපුවත්තේ බැංකු ශාඛාවකට කඩා වැදී ගිනි අවි පෙන්නා එහි ආරක්ෂක නිලධාරින් බියපත් කොට ඹවුනට මිරිස් කුඩු ගසා මුදල් කොල්ල කා පලා ගොස් තිබුණි.

මීගමුව මහේස්ත්‍රාත් හමුවේ පැවැති හඳුනාගැනිමේ පෙරට්ටුවේදී සාක්ෂි කරුවන් විසින් සැකකරු හඳුනාගෙන ඇත.

Read more

Local News