සැමියාගේ සිරුර භාරගන්න බිරින්දෑවරු දෙදෙනෙක් ඇවිත්

Share

හෘදයාබාධයක් නිසා මිය ගිය පුද්ගලයකුගේ මෘත ශරීරය භාර ගැනීමට බිරියන් දෙදෙනකු ඉදිරිපත් වීමේ පුවතක් කළුතර ප්‍රදේශයෙන් වාර්තාවේ.

කළුතර පන්විල ටෙරස් හී පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයකුගේ මෘත ශරීරය භාර ගැනීමට මෙලෙස කාන්තාවන් දෙදෙනකු ඉදිරිපත් වී ඇති අතර ඔවුන් දෙදෙනා අතම මොහු සමග විවාහා වූ බවට තහවුරු කිරීමට නීත්‍යානූල විවාහා සහතික පත් තිබී ඇත.

කළුතර තොටමුණ හදිසි මරණ පරීක්ෂක එස්. ඒ. කුමසාරු මහතා ඉදිරියේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී කාන්තාවන් දෙදෙනාම සාක්ෂි දිමට පැමිණ තිබුණි.

මෙහිදී සාක්ෂි දුන් එක් කාන්තාවක් පවසා සිටියේ මිය ගිය පුද්ගලයා තමා සමග විවාහා වී අවුරුදු 15ක් තිස්සේ එකට ජීවත් වන අතර ඔහුට දාව ඇයට එක් දරුවකු සිටින බවයි.

එමෙන්ම මිය ගිය පුද්ගලයා මීට පෙර වෙනත් කාන්තාවක් හා විවහා වී සිටි බවත් මේ සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකදී ඔහු වරද කරු වූ බැවින් පෙර බිරියට මෘත ශරීරය භාර දීමට එකඟ වන බව පැවැසීය.

මේ අනුව මරණ පරීක්ෂකවරයා මෘත ශරීරය පළමු බිරියට භාර දුන් අතර අවමංගල්‍යයට සහභාගි වීමට දෙවැනි බිරියට හා දරුවාට අවසර ලබා දුන්නේය.

Read more

Local News