දඩ ගෙවීමත් ඉලෙක්ට්‍රෝනික වෙයි

32

ඉලෙක්ට්‍රෝනික ගෙවීම් ක‍්‍රම මගින් දඬ මුදල් ගෙවීමේ ක‍්‍රමය ඉදිරියේදී හඳුන්වාදීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

අදාළ අංශ සමග ඊයේ (27දා) ජනපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා මෙම උපදෙස් දී තිබේ.

මෙහිදී මාර්ග අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් ද විශේෂ සාකච්ඡාවට ලක් ව ඇති අතර, රිය අනතුරු අවම කිරීමේ අරමුණින් 2009 වසරේ දී මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් ,අභිවෘද්ධි ලකුණු ක‍්‍රමය, හඳුන්වාදුන්නත් තාක්ෂණික ගැටලු හේතුවෙන් එය සාර්ථක වී නොමැති අතර පවතින බාධාවන් ඉවත් කර ගනිමින් එම ක‍්‍රමය විධිමත්ව කි‍්‍රයාවට නැංවීමටත් ජනපතිවරයා උපදෙස් දී තිබේ.