පෙම්හබයක් දුර ගිහින් පාසල් සිසුවකුට මාරාන්තික ප්‍රහාරයක්

Share

අම්පාරේ පසලක සිසු පිරිසක් එම පාසලේම ඉගෙනුම ලබන සිසුවකුට පාසල් භූමිය තුළදීම දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇත.

පහර කෑමට ලක් වූ සිසුවා දින 2ක් ප්‍රදේශයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත.

මෙම පහරදීමට හේතු වී ඇත්තේ පෙම් පලහිලව්වක් බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. පහර කෑමට ලක් වූ සිසුවා එම පාසලේම ඉගෙනුම ලබන සිසුවියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන් ගොස් ඇති අතර සිය පෙම්වතියගේ පන්ති කාමරය අසල සිටියදී මෙම ප්‍රහාරයට ලක් වී ඇත.

පහර කෑමට ලක් වූ සිසුවා පාසලේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර පහර දීමට පැමිණි සිසුන් 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

මේ සිදු වීමට සම්බන්ධයෙන් සැක පිට සිසුන් 25 දෙනකුගෙන් පමණ ප්‍රශ්න කර අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් සියලු දෙනාම මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බැවින් ඔවුන්ගේ අනාගතය ගැන සිතා නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස පහර කෑමට ලක් වූ සිසුවාගේ පියා පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.

Read more

Local News