රත්නරපුරයේ ගංවතුරෙන් හානියට පත්වූවන් වෙනුවෙන් වන්දි හා ඉඩම් – අමාත්‍ය අනුර ප්‍රියදර්ශන

Share

අපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ‍පැවසුවේ රත්නරපුර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදාවන්ගෙන් හානියට පත්වූවන් වෙනුවෙන් වන්දි ලබාදීම මෙන් ම නැවත නිවාස ඉදිකිරීමට සුදුසු ඉඩම් හඳුනාගැනීම ආරම්භ කොට ඇති බවයි.

රුපියල් ලක්ෂ හතරක වන්දියක් ඉඩමක් ලබාගැනීමට හා ලක්ෂ 12ක් නිවසක් සකසා ගැනීමට ලබාදීම සිදු කෙරේ. මේ වනවිට හානියට පත් නිවාස ඉදිකිරීමට සුදුසු ඉඩම් හඳුනාගැනීම සිදු කෙරේ. වතු සමාගම්වලින් එම ඉඩම් පවරා ගැනීමේ කටයුතු සිදු වෙයි. ආපදාවන්ගෙන් හානියට පත් නිවාස වෙනුවෙන් අයදුම් පත් 3545ක් සඳහා මේ වනවිටත් වන්දි ලබාදී ඇත. වසර 2017  මැයි මස රත්නපුර දිස්ත්‍රික්කයේ සිදු වූ ගංවතුර ආපදාව නිසා පූර්ණ හානි වූ නිවාස 728ක් හා අර්ධ හානි වූ  නිවාස 10886ක් බව අමාත්‍යවරයා තවදුරටත් පැවසී ය.

Read more

Local News