අර්බුධ මැද අදත් පාර්ලිමේන්තුව රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව අද (29) පෙරවරු 10.30 ට යළි රැස් වීමට නියමිතව තිබේ.

අග‍්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂයට අයත් මුදල් කප්පාදු කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන කියා සිටියේ අද දවසේදී ද සිදු කිරීමට ඇත්තේ ව්‍යාජ අගමැතිව නිත්‍යානුකූල ලෙස ඉවත් කිරීමට අදාළ කටයුතු බවයි.

ඕනෑම යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බහුතර බලය සිය කණ්ඩායම සතු බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන මෙහිදි කියාසිටියේය.

මෙවැනි යෝජනාවක් ගෙන ඒමේ නීතිමය හැකියාවක් විපක්‍ෂයට නොමැති බව අමාත්‍ය දයාසිරි ජයසේකර කියාසිටියේය. ඔවුන් විසින්ම අභියාචනාධිකරණයේ නඩුවක් පවරා ඇති කාරණයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට නොහැකි බව පෙන්වා දුන්නේය.

අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණෙන මෙම යෝජනාවට සිය මන්තී‍්‍ර කණ්ඩායම පක්‍ෂව ඡන්දය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මේ බව කියා සිටියේය.

මේ අතර අද පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් අද රැස්වීමට නියමිතව තිබේ.

පෙරවරු 08.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වීමට නියමිතය.

Read more

Local News