ජනපති සමඟ කිසිදු ගැටලුවක් නොමැති බව කරූ කියයි

Share

තමන්ට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කිසිම ගැටලුවක් නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කථානායකවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ වත්මන් ගැටලුව කථානායකවරයා හා ජනපතිවරයා සාකච්ඡාවෙන් විසඳා ගන්නා ලෙසයි.

එයට පිළිතුරු දුන් කථානායක කරු ජයසූරිය මහතා පැවසුවේ ” ජනපතිතුමා මායි අතර ගැටලුවක් නෑ. සාකච්ඡා කරන්න පුළුවන්. මේ ප්‍රශ්නය ඉක්මනින්ම විසඳන්න ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා.” බවයි.

Read more

Local News