වැය ශීර්ෂය සම්මත වුවහොත් රනිල් අරලිය මැදුරෙන් ඉවත්විය යුතුයි

Share

අගමැති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය සම්මත වුවොත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදිය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ ” අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළේ සද්භාවයෙන් නම් එම යෝජනාව සම්මතවුවහොත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් අරලිය ගහ මන්දිරයෙන් ඉවත්විය යුතුයි. මේ රටේ ජනතාවට අගමැතිවරුන් දෙදෙනෙක් නඩත්තු කරන්න බෑ” යැයි ඔහු සඳහන් කළේය.

Read more

Local News