තෙවන පාසල් වාරය අදින් අවසන්

Share

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරය අදින් අවසන් වේ.

ඒ අනුව 2019 වසරේ නව පාසල් වාරය ආරම්භ කෙරෙන්නේ ලබන වසරේ ජනවාරි මස 2වනදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

මේ අතර, ලබන මස 3 වන දා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය ලබන 12 වන දා දක්වා පැවැත්වෙනු ඇත.

මෙවර විභාගයට අයදුම්කරුවන් 656,641 දෙනෙකු පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

Read more

Local News