ලක්ෂ 3ක හෙරොයින් සමඟ 3ක් මාට්ටු

Share

හෙරොයින් විකිණීමේ යෙදී සිටි පුද්ගලයෙක් සහ හෙරොයින් ලඟ තබාගත් තරුණයන් දෙදෙනෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පැවසීය.

ඊයේ(29) රාත්‍රී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අවුරුදු 28, 22 සහ 23 යන වයස් වල පසුවන අය බවටයි වාර්තා වන්නේ.

මෙම හොරොයින් කොළඹින් ගෙන්වා බෙදා හරින බවට පරීක්ෂණ වලදී අනාවරණය වී අැති අතර අදාල හොරොයින් වල වටිනාකම ලක්ෂ 3 පමණ වන බවද පොලීසිය පැවසීය.

Read more

Local News