පොලිස් නිලධාරින් ඝාතනයේ විමර්ශන CID යට

Share

මඩකලපුව, වව්නතිව් ප්‍රදේශයේ මාර්ග බාධකයක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබේ.

ඒ අනුව විමර්ශන කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බව පොලිසිය පැවසීය.

මඩකලපුව – වව්නතිව් පොලිස් වසමේ මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ මළ සිරුරු එම මාර්ග බාධකය අසල තිබී හමුවී තිබේ.

අද උදෑසන 6 ට පමණ එම මෘත ශරීර සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙම සැක කටයුතු මරණවලට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව මඩකලපුව කොට්ඨාසය බාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කර ඇත. මීට අමතරව පොලිස් විශේෂ කාර්යය බලකාය ද විමර්ශන ආරම්භ කර තිබේ.

Read more

Local News