රනිල්ගේ යථාර්ථය රටට හෙළි කළ යුතුයි

Share

වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සෑම දෙනාගේම අපේක්ෂාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ කොටස්කරුවන් වීමට තමා සුදානම් නොමැති බවත්, එක්සත් ජාතික පක්ෂ, දෙමළ සන්ධාන හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු කලබලවෙලා තියෙන විදිහට බැඳුම්කර මුදල් ඔවුන්ටත් හිමි වී ඇත්දැයි සාධාරණ සැකයක් මතුව ඇති බව කියා සිටියේය.

අද දිනයේ දී ගාමිණී සෙනරත් මහතාගේ නඩුව අසන අවස්ථාවේ දී ලිට්‍රෝ සමාගමෙන් මුදල් ගත් ස්වාධීන පුද්ගලයින්ගේ නම් හෙළී වෙමින් පවතින බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

අපිට හොරා කියලා අපේ වැසිකිලි වලත් හාරපු රනිල් වික්‍රමසිංහගේ යථාර්ථය රටට හෙළි කළ යුතු බව ද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Read more

Local News