නිදා සිටි බිළිඳිය අතුරුදහන් – සිරුර ළිඳකින් හමුවෙයි

Share

පුලියම්කුලම, උන්ජල්කට්ටු ප්‍රදේශයේදී මාස අටක් වයසැති කුඩා දැරියක ළිඳකට දමා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මව විසින් බිළිදා නිදි කොට නිවසින් පිටතට ගොස් යලි පැමිණ බැලීමේදී කුඩා දැරිය ඇදේ නොසිටි බව පොලීසිය පැවසීය.

පසුව අසල තිබු ළිඳක බිළිඳා සිටින බව දැක ඇති මව විසින් හමුදා නිළධාරින්ගේ සහය ඇතිව බිළිඳා ගොඩට ගෙන රෝහල් ගත කිරිමේදී බිලිඳිය මියගොස් ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳ සිදු කළ මූලික විමර්ශනවලදී එම අවස්ථාවේ නිවසේ සිටි මවගේ නැන්දා කෙනෙකු විසින් මෙම දැරිය ළිඳට දමා ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

ඒ අනුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර පුලියම්කුලම පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News