බංග්ලාදේශ මැතිවරණය නිරීක්ෂණයට ඇමෙරිකාවෙන් කණ්ඩායම් 12 ක්

Share

දෙසැම්බර් 30 වනදා පැවැත්වෙන බංග්ලාදේශ මහ මැතිවරණය සඳහා නිරීක්ෂණ කණ්ඩායම් 12 ක් එවීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ.

එමෙන්ම බංග්ලාදේශයේ දේශීය නිරීක්ෂණ සංවිධානවලටද ඇමරිකාව මූල්‍යාධාර සපයන බව ඩකා නුවර ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය.

අගමැතිනි ෂීක් හසීනා තුන්වන වරටත් බලය අපේක්ෂා කරන මෙම මැතිවරණය සඳහා ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජතික පක්ෂය ද සහභාගි වේ.

එහෙත් එම පක්ෂයේ නායිකාව වෙන හිටපු අගමැතිනි ඛලිඩා සියා මේ වනවිට බන්ධනාගාර ගත කර සිටින්නේ දූෂණ චෝදනාවලට වරදකාරියක බවට තීන්දු කිරීම හේතුවෙන්.

Read more

Local News