කඩා වැටුණු උල්කාපාතයේ කොටසක් දික්වැල්ලේ නිවසක වහලයක

Share

දකුණු පළාතේ ප්‍රදේශ ගණනාවකට විශාල ශබ්දයක් නගමින් පුපුරා ගිය උල්කාෂ්මය කොටසක් පිළිබඳ දික්වැල්ල පොලිස් වසමේ අපට වාර්තා වෙයි

කඩාවැටුණු එම උල්කාෂ්මය කොටසක් වලස්ගල ප්‍රදේශයේ නිවසක වහලයක් මත ඇතැයි යන තොරතුරු මත ආගන්තුක පාෂාණ කොටසක් පිළිබඳ විමර්ශන කිරීමට ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ නියෝජිතයන් පිරිසක් මේ වනවිට එම ප්‍රදේශයට ළඟා වෙමින් සිටින බවට වාර්තා වේ මෙම සිදුවීමට අදාළ නිවසට මේ වනවිට පොලිස් ආරක්ෂාව ලබා දීමට සිදුවී ඇති බවත් වාර්තාවන අතර මාතර ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් පිරිසක්ද එහි ගොස් සිටින බවත් භූ විද්‍යා හා පතල් කැණීම් ආයතනය ඇතුළු විවිධ ආයතන ගණනාවක නියෝජිතයන් ද එම ප්‍රදේශය බලා ගමන් කරන බවද පැවසේ

මෙම සිද්ධිය සිදුවූ 18 වන දින රාත්‍රි කාලයේ නිවසේ වහලය මත යමක් පතිතවන ශබ්දයක් නිවසෙන් හිමිකරුට ඇසුරු බවත් අද (21) පෙරවරුවේ නිවසේ වහලයට නැග පරීක්ෂාකිරීමේදී වහලය මත තිබූ මෙම අඟල් එකහමාරක් පමණ පාෂාණ කොටස හමුවී ඇති බවත් පැවසේ අදාළ නිවසේ හිමිකරු ප්‍රාදේශීය මාධ්‍යවේදියකු බවද දික්වැල්ල පොලිසිය පවසයි

ඉතා තද බැවින් යුක්ත මෙම පාෂාණ කැබැල්ල අඟල් දෙකක් පමණ පළල වන අතර එම පාෂාණ විශේෂය පසුගිය 18 වනදා රාත්‍රියේ දකුණු පළාතේ අහස ගිගුරුම් දෙමින් පිපිරීගිය උල්කාෂ්මය කොටස් වියහැකිබව ප්‍රදේශවාසීහු විශ්වාස කරති

Read more

Local News