ගිනි අවි ජාවාරමකට සම්බන්ධ 3ක් දැලේ

Share

ගම්පහ, මාතම්මන ප්‍රදේශයේදී ගිනි අවි ජාවාරමක නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගිනි අවියක්, එම උණ්ඩ 04ක් සහ මැගසිනයක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් මිනුවන්ගොඩ සහ බිංගිරිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 30ත් 43ත් අතර වයසේ පසුවන අය බව සඳහන් වෙයි.

ඔවුන් අද(17) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News