ප්‍රාථමික සෞඛ්‍ය නගාසිටුවීම සදහා ලෝක බැංකුවේ සහයෝගය ශ්‍රී ලංකාවට

Share

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය නගාසිටුවීම සදහා ලෝක බැංකුව සහයෝගය ලබාදීමට පොරොන්දු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ලෝක බැංකු නියෝජිත පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ අතර, එහිදී ප්‍රාථමික සෞඛ්‍ය නගා සිටුවීම සදහා ජාතික මට්ටමේ සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය විය.
ඒ සදහා රුපියල් මිලියන 200 ක පමණ මුදලක් ලබාදීමට ලෝක බැංකුව සුදානමින් සිටියි. බෝනොවන රෝග පාලනය කිරීම සදහා ද ලෝක බැංකුව පසුගිය වසර කිහිපය තුල සෞඛ්‍ය අමාත්‍යාංශයට මුල්‍යාධාර ලබාදී ඇත. එම මුදල් වලින් සිදු කරන ලද ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබදව මෙහිදී සාකච්ඡා කළ අතර, එහි ප්‍රගතිය පිළිබදව ලෝක බැංකු නියෝජිතයින් සතුට පළ කරන ලදි. 

 

Read more

Local News