බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියෙන් නිවාස අහිමි වූවන් සඳහා නව නිවාස

Share

බේරේ වැව සංවර්ධනයේ දී නිවාස අහිමිවන්නන් සඳහා නිවාස ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. ඒ අනුව රුපියල් මිලියන 763 ක ආයෝජනයකින් මාදම්පිටිය හේනමුල්ලෙහි ඉදි කළ “මෙත්සඳ සෙවණ” මහල් නිවාස සංකීර්ණයේ පළමු අදියර 30දා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඔවුනට නිවාස ලබාදීමට නියමිතය.
බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියෙන් නිවාස අහිමි වූවන් සඳහා මෙම ව්‍යාපෘතියෙන් නිවාස හිමිවන අතර නිවාස 218 කින් මෙහි පළමු අදියර සමන්විය. එක් නිවසක් වර්ග අඩි 450 කින් සමන්විතවන අතර, නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුළුතැන් ගෙයක්, සඳළුතලයක් සහ සනීපාරක්‍ෂක පහසුකම්වලින් සමන්විතය.
නාගරික සංවර්ධන අධිකාරියේ “නුහුරු නාගරික ප‍්‍රදේශ සුහුරු නාගරික ප‍්‍රදේශ” බවට පත් කිරීම සඳහා ක්‍රියාත්මක “දිවිසරු පුරවර” වැඩසටහන සමගාමීව “මෙත්සඳ සෙවන” මහල් නිවාස සංකීර්ණය ඉදිවිය. නිවාස ඒකක 218 ක් පළමු අදියර යටතේ ජනතා අයිතියට පත් කිරීමට නියමිත අතර තවත් නිවාස 941 ක් ඉදිකිරීමට නියමිතය.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් දිවිසරු පුරවර ව්‍යාපෘතියට සමගාමීව 2016-2020 දක්වා නිවාස ඒකක 25,000 ක් ඉදිකිරීමට නියමිතය. මේ වන විට නිවාස ඒකක 19,072 ක ඉදිකිරීම් කටයුතු අරඹා ඇති අතර ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන 100 කි.
ජාත්‍යන්තර මූල්‍ය නගරයට සමගාමීව බේරේ වැව ආශ‍්‍රිත ප‍්‍රදේශය ද සංවර්ධනය වන අතර වාණිජ නගරයක් ලෙස දියුණුවන බේරේ වැව අවට ප‍්‍රදේශය ආර්ථිකමය වටිනාකමකින් යුතු ප‍්‍රදේශයක් බවට පත්වේ. ජාත්‍යන්තර මූල්‍ය නගරය, සේවා නගරය සහ බේරේ ඉදිවන වාණිජ නගරය ඒකාබද්ධ වන පුළුල් මාර්ග පද්ධතියක් ද ඉදි කිරීමට නියමිතය.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක මහානගර සංවර්ධන සැලසුමට අනුව බේරේ වැව අවට ප‍්‍රදේශය සංවර්ධනය වේ. මෙම ප‍්‍රදේශය සංවර්ධනය වීමේදී මුහුණ පෑමට සිදුවන ප‍්‍රධාන ගැටළුව වන්නේ අනවසර පදිංචිකරුවන් ය. නැගෙනහිර බේරේ වැවේ බටහිර ඉවුරේ අනවසර නිවාස 500 ක් පමණ දැක ගත හැකි අතර ඉන් සැලකිය යුතු නිවාස සංඛ්‍යාවක් බේරේ වැව තුළ ඉදිකර ඇත.

Read more

Local News