පොල්ගහවෙල, බම්බාවෙල ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.
අතුරුදන්ව ඇත්තේ පොල්ගහවෙළ, රෝහල හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකි.
පොලීසිය, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ සිසුවා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.
පොල්ගහවෙල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.