රැවටිලිකාර ස්වාමියාට එරෙහිව ගහ උඩ උපවාසයක්

Share

මාස 10 ක් පුරා පොරොන්දු වූ වැටුප ලබා නොදීමට එරෙහිව කම්කරුවකු ගසක් උඩට නැගී උපවාසයක නිරත වූ පුවතක් කරන්දෙණියෙන් වාර්තා වේ

අද(31) අළුයම 5.00ට පමණ මෙම උපවාසය ආරම්බ කර ඇති අතර පසුව ස්වාමීන් වහන්සේලා කීප නමකගේ දැනුම් දීම මත පොලීසිය මැදිහත් වී උපවාසකුරු ගසෙන් බිමට බස්සවා ඇත.

උපවාසය කළ පුද්ගලයා කරන්දෙණිය ප්‍රදේශයේ ලී මඩුවක සේවය කර ඇති අතර ඔහුට ලැබිය යතු වැටුප් නිසි පරිදි නොලැබීම හේතුවෙන් මෙලස ගස මතට නැග තිබේ.

ලී මඩුවේ හිමිකරු තමන් සේවය සඳහා බඳවා ගන්නා අවස්ථාවේ දිනකට රුපියල් 3000ක පමණ මුදලක් දෙන බවට පොරොන්දු වූ නමුත් තමන්ට මාස 10ක කාලක් පුරාවට ලබා දුන්නේ රුපියල් 35000ක මුදලක් පමණක් බව ගස මත නැග සිටි පුද්ගලයා විසින් පවසා ඇත.

මේ පිළිබඳ මීට දින කීපයකට පෙර පොලීසියට පැමිණිලි කළද ඉන්ද සාධාරණයක් ඉටු නොවු බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා දෙනමක් හා පුද්ගලයින් පිරිසක් උපවාස කරු ගසින් බස්සවා ගැනීමට උත්සහ කළ ද එය අසාර්ථන වී ඇත.

පසුව ස්වාමින්වහන්සෙලා දෙනම පොලිසියට මේ බව දන්වා ඇති අතර පසුව එම ස්තානයට පෙලිසිය පැමිණ ගස මත සිටි පුද්ගලයාට සාධාරණයක් ඉටුකර දෙන බව පොරොන්දු වූ පසු අදාළ පුද්ලයා ගසින් පහල බැස ඇත.

Read more

Local News