ලංකා ගුරු සංගමයෙන් ඉල්ලීමක්

Share

2019 වසරේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීම හා ලබන වසරේ 6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීම මේ වන විට සිදුවෙමින් පවතී.

මෙම සිසුන් ඇතුළත් කිරීමේදී සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පවතින චක‍්‍රලේඛ විධිවිධාන උල්ලංඝණය කරමින් ජාතික පාසල්වල මෙන්ම පළාත් පාසල්වල ද දෙමාපියන්ගෙන් මුදල් ලබා ගැනීම සිදුවෙමින් පවතී. ඒ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය වෙත මේ වන විටත් පැමිණිලි ගණනාවක් ලැබී ඇත.

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති 2018/24 චක‍්‍රලේඛයේ සහ 2 ශ්‍රේණියේ සිට 11ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති 2008/37 චක‍්‍රලේඛයේ පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේදී පහසුකම් සේවා ගාස්තු සහ පාසල් සංවර්ධන සමිති ගාස්තු හැර වෙනත් කිසිදු මුදලක් හෝ භාණ්ඩ ලබාගැනීමක් සිදු නොකළ යුතු බව පැහැදිලිව දක්වා තිබියදී දිගින් දිගටම පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේදී මුදල් සහ විවිධ ද්‍රව්‍ය ලබා ගැනීම සිදුවෙමින් පවතී.

මේ තත්වය මත පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේදී මුදල් අය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පළාත් අධ්‍යාපන ලේකම්වරු 9 දෙනා යටතේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙකු කඩිනමින් පත් කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලයි.

ජාතික පාසල්වල මෙවැනි මුදල් අය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අධ්‍යාපන ලේකම්වරයා යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙකු කඩිනමින් පත් කළ යුතු බවටත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් හා පළාත් අධ්‍යාපන ලේකම්වරු 9 දෙනාගෙන් ලංකා ගුරු සංගමය ලිඛිතව ඉල්ලා සිටීයි.

Read more

Local News