කාසල්රි ජලාශ රක්ෂිතයේ ගින්නක් – Photos

Share

කාසල්රි ජලාශ රක්ෂිතයේ ඊයේ(01) පස්වරු 5 ට පමණ හට ගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර දෙකක පමණ කොටසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇත.

මෙම ගින්න හට ගෙන ඇත්තේ කාසල්රි ජලාශ රක්ෂිතයේ නොර්වුඩ් රොක්වුඩ් වත්ත ප්‍රදේශයේදිය.

පවතින වියළි කාලගුණයත් සමඟ ඉලුක් සහිත මෙම රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බව කාසල්රි ජලාශ භාර ආරක්ෂක අංශ සැක කරයි.

කාසල්රි ජලාශ රක්ෂිත ප්‍රදේශයට ඊයේ පස්වරු පැවති අධික සුළං තත්ත්වයත් සමඟ ගින්න සිඝ්‍රයෙන් පැතිර ගොස් ජලාශ රක්ෂිතයේ අක්කර දෙකක පමණ කෙටසක් ගිනිගෙන විනාශ වි ඇත.

කාසල්රි ජලාශයේ ධිවරයන් විසින් පැතිර යමින් තිබු ගින්න මැඩ පවත්වා තිබේ.

මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ මෙවැනි රක්ෂිතවලට ගිනි තැබිම් කිසියම් පිරිසක් විසින් සිදු කරයි.

මෙවැනි රක්ෂිතවලට ගිනි තබන පුද්ගලයන් පිලිබඳ තොරතුරු වෙතොත් ළඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස කාසල්රි ජලාශයේ ආරක්ෂක අංශයේ නිලධාරින් ඉල්ලා සිටියි.

 

Read more

Local News