හෙරොයින් ජාවාරමක නිරත විදේශිකයන් 2ක් දැලේ

Share

අත්තිඩිය සහ ගල්කිස්ස යන ප්‍රදේශවල හෙරොයින් සහ කොකේන් ජාවාරමක නිරතව සිටි විදේශිය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර අැත.

මොවුන් 45 හැවිරිදි සහ 30 හැවිරිදි බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු බවටයි වාර්තා වන්නේ.

සැකකරුවන් සතුව තිබී සොයාගන්නා ලද හෙරොයින් සහ කේකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 78 ක් පමණ වෙයි.

Read more

Local News