ගම්පෙරළිය නැවතත් එයි

Share

ගම්පෙරළිය වැඩසටහන සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යළි ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඊයේ (02) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේදී මේ සඳහා අනුමැතිය හිමිව ඇත.

යහපාලන ආණ්ඩුව මගින් මෙම වැඩසටහන් ආරම්භ කළ අතර, පසුව පත් වූ ආණ්ඩුව මගින් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නතර කරන ලදී.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට යළි පත්වීමෙන් පසුව අතරමග නතර වූ ගම්පෙරළිය වැඩසටහන සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන  යළි ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ සඳහා අනුමැතිය හිමිව තිබේ.

Read more

Local News