මාධ්‍යයට එරෙහිව කරන්න යන දෙයක් ගැන දයාසිරිගෙන් හෙළිදරව්වක්

Share

එක්සත් ජාතික පක්ෂය විසින් මාධ්‍යයට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුුතු කිරීමේ සූදානමක් ඇති බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (03) දින කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එසේම ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට එරෙහිව විපක්ෂයේ සියලු බලවේග ඒකරාශී කිරිමට බලාපොරොත්තුවන බවත් ඔහු සඳහන් කළේය.

වැඩ්දුරටත් අදහස් දක්වමින් “යුක්තියේ හඩ වෙනුවෙන් පෙනී සිටි අයට පහරදීමට පටන් ගෙන තිබෙනවා. ජාතික රූපවාහිනිය දුවන්නේ රුපියල් මිලියන 300 අයිරාවකින්. ස්වාධීන රූපවාහිනි සේවයට 2014 දි රුපියල් මිලියන 2000ක ස්ථාවර තැන්පතුවක් තිබුණා.  මේ වන විට එය රුපියල් මිලියන 1000ක් දක්වා අඩුවි තිබෙනවා.” යැයි ඒ මහතා පැවසීය.

Read more

Local News