ත්‍රීරෝද රථයක් ගිනි ගනියි

Share

හැටන් දික්ඔය නගරයේ ප්‍රධාන මාර්ගය අසල ගාල් කර තිබු ත්‍රීරෝද රථයක් ගිනිගෙන ඇති බව හැටන් පොලිසිය පැවසිය.

අද(04) දහවල් 12.45 පමණ ත්‍රීරෝද රථය දික්ඔය නගරයේ නතර කර ත්‍රීරෝද රථයේ ගමන් ගත් අය අසල පිහිටි රාජ්‍යය බැංකුව වෙත ගිය අවස්ථාවේ ත්‍රීරෝද රථය ගිනිගත් බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

ගිනි ගනිමින් තිබු ත්‍රීරෝද රථය ප්‍රදේශවාසින් එක්ව දැඩි උත්සයක් දරා පාලනය කිරිමට සමත් වි ඇත. ගින්නෙන් ත්‍රීරෝද රථයේ පිටුපස කොටසට අර්ධ වශයෙන් හානි සිදු වි ඇත.

ත්‍රීරෝද රථය දික්ඔය වනරාජා වතු යායේ සිට දික්ඔය නගරය දක්වා ධාවනය කර ගාල් කර තිබු අවස්ථාවේ ගින්න හට ගත් බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

Read more

Local News