අයවැයෙන් සහන නැති බව නාමල් කියයි

Share

යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ආණ්ඩුව ඒකාධිපති පාලනයක් ගෙනයන්නේ නම් ජනතාවට ඉන් කිසිදු සහනයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ හම්බන්තොට පැවති වැඩසටහනකින් අනතුරුව මන්ත්‍රීවරයා මා‍ධ්‍ය‍වෙත අදහස් දක්වමිනි.

ඉදිරියේදී පැමිණෙන මැතිවරණ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දි පැවැත්විය.

යහපාලන ආණ්ඩුව වසර 4ක් ආණ්ඩු කළ නමුත් වසර 4ක්ම රටේ ජනතාවට යහපතක් සිදු වූයේ නොමැති බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම ආණ්ඩුව සුරංගනා කතා ප්‍රකාශ කිරීමට දක්ෂ වන බවත් එලෙසින් සුරංගනා කතා ප්‍රකාශ කිරීමට දක්ෂ ආණ්ඩුව අයවැය ආසන්න වන විට සහ මැතිවරණ ආසන්න වන විට සුරංගනා කතා ගෙතීමට ආරම්භ කරන බවද පැවසීය.

සහන දීම සිදු කිරීම සිදුකරන්නේ නම් හෝ රට සෑදීම සිදුවන්නේ නම් රටට යහපතක් සිදු වන බවත් පැවසීය.

මෙම අයවැයෙනුත් මෙම ආණ්ඩුව සිදු කරනු ලබන්නේ ජනතාව මුලාවට පත් කිරීම නම් තවදුරටත් යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන නාම පුවරු පිටුපස සැඟවීමකින් සිදු වන්නේ ඒකාධිපති පාලනය නම් ආණ්ඩුව රැගෙන යාම තුළින් ජනතාවට සහනයක් නොලැබෙන බවත් පැවසීය.

Read more

Local News