වක්වැල්ල මාර්ගයේ අනතුරකින් තරුණයෙක් මරුට

Share

තෙලිකඩ පොලිස් වසමේ දොඩන්ගොඩ වක්වැල්ල මාර්ගයේදී යතුරුපැදියක් කාර් රථයේ ගැටී අනතුරක් සිදුව තිබේ.

දොඩන්ගොඩ දෙස සිට වක්වැල්ල දෙසට ධාවනය වූ කාර් රථයක් ප්‍රථිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

ඊයේ(03) සවස 5.40ට පමණ සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු බද්දේගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා වයස 21ක් වූ සමීර මධුසංක යන අයෙකු වෙයි. කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

තෙලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News