රනිල් බොරු කියන බව මහින්ද කියයි

50

2019 නව වර්ෂය උදාවීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රථම වරට නෙලූම් මාවතේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික කාර්යාලයට අද පැමිණියේය.

කෝට්ටේ ශී‍්‍ර පැරකුම්බා පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය තලගල විමල නාහිමි, මොරටුව එගොඩ උයන ශී‍්‍ර බෝධී රාජාරාමාධිකාරී ශාස්ත‍්‍රපති පූජ්‍ය එගොඩ උයන ඤාණවිමල හිමි ඇතුලූ හමිවරුන් මේ අවස්ථාවට එක්ව ආගමික වතාවත් පැවැත්වීය.

කාය වර්ධන ශූරතා තරගාවලියේ  ශූරතාව දිනා පැමිණි ලූෂණ් පුෂ්ප රාජ් මහතාද මෙම අවස්ථාවට පැමිණියේය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ,

මේ වර්ෂය මැතිවරණ වර්ෂයක්. අපි ආණ්ඩුව භාර ගැනීම හොදයි කියන කට්ට්යත්, හොද නැහැ කියන කට්ටියත් ඉන්නවා. අපි අවුරුදු එකහමාරක් හිටියා නම් රටේ මොනවාද ඉතිරි වෙන්නේ. ගුවන්තොටුපල වරාය බංකු වගේ රටේ සම්පත්වි කුණුවා. ඒ වගේම තවත් දේවල් විකුණන්න සූදානම් කරලා තිබුනේ.ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න සූදානමක් තිබුණා.

අද රනිල් වික්‍රමසිංහ මහතා බොරු කියනවා. අපි බිලයන 8ක් වියදම් කරලාලූ. එහෙම වියදම් කරන්න තියා බිලියනයක්වත් මුදල් තිබුනේ නැහැ. අපි ජනතාවට බදු සහන දුන්න එක ඇත්ත. පොහොර සහනාධාරය දුන්නේ මේක කෘෂිකාර්මික රටක් නිසයි. අපිට ස්වයංපෝෂිත ආර්ථිකයක් හදන්නයි අවශ්‍ය වුනේ. තිබුණු ආණ්ඩුව ජනතාවට තෙල් අඩු මිලට දුන්නේ නැහැ. අපි මිල අඩු කරපු නිසා මේ අයත් දැන් මිල අඩු කරන්න පටන් ගත්තා. ජනතාවට බොරු කියලා තමන්ගේ මල්ල තර කර ගන්න හදන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.

ඉතිහාසයේ පළවෙනි වතාවට මාධ්‍යයේ නම් කියමින් පාර්ලිමේන්තුවේදී පහර ගහනවා. අද එක් එක් මාධ්‍ය ආයතනවල පලිගැනීම් අරඹලා.

තෝරාගත් ආයතනවලට රජයේ දැන්වීම් දීම නතර කරලා. තමන්ට  ඕන ප‍්‍රවෘත්ති විතරක් පලකරන තත්ත්වයක් හදා ගන්නයි මේ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ. අපි ඊට වඩා ශක්තිමත්ව මොවුන්ගේ මර්දනයට එරෙහිව නිවෙස්වලට ගිහින් හරිජනතාව දැනුම්වත් කරනවා. නව වසර සුබ නව වසරක් වේවායි ප‍්‍රාර්ථනා කරනවා යනුවෙනි.