වැලිගම්පිටියේ කන්ටේනර් අනතුරකින් අයෙක් මරුට

Share

කඳාන, වැලිගම්පිටිය ප්‍රදේශයේදී අද(05) අළුයම යකඩ පැට වූ කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

කොළඹ දෙස සිට මීගමුව දෙසට අධික වේගයෙන් ධාවනය වූ කන්ටේනර් රථය මාර්ගය අසල පිහිටි ආපන ශාලාවක ගැටී අනතුරුව ත්‍රිරෝද රථයක ද ගැටී ඇති බව වාර්තා වෙයි.

පසුව එම කන්ටේනර් රථය මාර්ගය අසල පිහිටි තාප්පයකදී ගැටී එම නිවසේ නවතා තිබූ ලොරි රථයකද ගැටී නිවස තුළට කඩා වැදී ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් මාර්ගය අසල රැදී සිටි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කන්ටේනර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට වාර්තා වෙයි.

Read more

Local News