අදත් වැස්ස නෑ

Share

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.

කෙසේවෙතත්, නැගෙනහිර පළාතෙත් පොළොන්නරුව, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

දිවයින පුරා විශේෂයෙන් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැක.

බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම, කෑගල්ල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වේ.

Read more

Local News