පළමුව ජනපතිවරණයක් ගෙනෙන බව රාජිත කියයි

Share

මේ වසරේ පළමුවෙන්ම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා පත්කළ තේරීම් කාරක සභාව විසින් මේ වන විට කෙටුම්පත් කරමින් යන බවත් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර, මෙහිදි ව්‍යවස්ථාව ගැන සියලු පක්ෂවලට මත ඉදිරිපත් කළ හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

ඒකීය බලය බෙදීම ‍ෆෙඩරල් සංකල්පයක් නොවන බවත්, ඡන්දයක් ඕනෑයැයි පැවසීම තුළ කිසි විටෙකත් ඡන්දයකට යා නොහැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

එවැනි ඉල්ලීමක් සිදු කරන්නේ නම් මන්ත්‍රීවරු තුනෙන් දෙකකගේ කැමැත්ත අවශ්‍ය බවත් එසේ නොමැති නම් වසර 4 හමාරක් ගත ව තිබිය යුතු බවත් පැවසූ අමාත්‍යවරයා පළමුවෙන් ජනාධිපතිවරණයක් බව කියා සිටියේය.

Read more

Local News