අදත් වැස්ස නෑ

Share

වියලි කාලගුණ තත්ත්වය සහ ශීත උදෑසන සහ රාත්‍රි කාලයන් තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් ද පවතී.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වේ.

Read more

Local News