දියේ ගිලී විදෙස් ජාතිකයෙක් මරුට

Share

හික්කඩුව පොලිස් වසමේ හික්කඩුව නගරය ආසන්නයේ දී දියේ ගිලී විදෙස් ජාතික පුද්ගලයෙක් මිය ගොස් තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

හික්කඩුව නගරය ආසන්නයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි වයස අවුරුදු 48 ක් වු රුසියන් ජාතික පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් තිබේ.

මෘත ශරීරය බලපිටිය රෝහලේ තැන්පත් කර අැති අතර හික්කඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News