STF උප පොලිස් පරික්ෂකවරයකු ගෙල වැළලාගෙන මියයයි

Share

පුත්තලම විශේෂ කාර්ය බළකා කඳවුරේ සේවය කරමින් සිටි උප පොලිස් පරික්ෂකවරයකු ගෙල වැළලාගෙන සිවි දිවි හානිකර ගෙන ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.

පුත්තලම විශේෂ කාර්ය බළකා කඳවුරේ පැරණි ගරාජයක් තුළ දී අදාළ උප පොලිස් පරික්ෂකවරයා ගෙල වැළලාගෙන සිටියදී අද(07) උදෑසන සොයා ගෙන අැත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 49 හැවිරිදි ඇල්පිටිය කුරුඳුගහ පදිංචිව සිටි දෙදරු පියෙක් බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම මුලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශ සිදු කරයි.

Read more

Local News