ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි

Share

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (07) පෙරවරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය.

අද දින ප්‍රධාන වශයෙන් අවධානය යොමු වුයේ පුරප්පාඩු වී පවතින උපරිමාධිකරණ විනිසුරු ධූරයන් පත් කිරීම සඳහා  ජනාධිපතිතුමන් විසින් යොමු කර තිබූ නිර්දේශයන් පිළිබඳව ය.

ඒඅනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විශ්‍රාම ලැබීමෙන් පසුව ඇති වන පුරප්පාඩුව සඳහා  ජනාධිපතිතුමන් විසින් යොමු කරන ලද නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය.

එමෙන්ම, පුරප්පාඩු වී පැවැති ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ධුර දෙකක් සහ අභියාචනාධිකරණ විනිසුරු ධූරයක් සඳහා  ජනාධිපති තුමන් විසින් මින් පෙර නිර්දේශ කරන ලදූව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබූ නාමයන් ද අද දින රැස්වීමේ දී යළි තහවුරු කරන ලදී.

ඒ අනූව ජනාධිපතිතුමාගේ නිර්දේශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් උපරිමාධිකරණ අධිකරණ විනිසුරු ධුර 04 ක් සඳහා (ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු ධුර 03, අභියාචනාධිකරණ විනිසුරු ධුර – 01)  නව පත්වීම් සිදු කිරීමට නියමිතය.

අද දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සහභාගී වූ සාමාජිකයන්,

කථානායක කරු ජයසුරිය මහතා (සභාපති), අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (සාමාජික), විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා (සාමාජික), ඇමතිනී තලතා අතුකෝරාල  මහත්මිය (සාමාජිකා), පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා (සාමාජික), ජයන්ත දනපාල මහතා (සාමාජික), නාගානන්ද සෙල්වකුමාරන් මහතා (සාමාජික), ජාවේඩ් යුසුෆ් මහතා (සාමාජික) යන අයයි.

Read more

Local News