පාසල් විෂය නිර්දේශයට නීති අධ්‍යාපනය

Share

පාසල් විෂය නිර්දේශය සඳහා නීති විෂය ඇතුළත් කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, පාසල් වයසේ සිටම දරුවන්ට නීති අධ්‍යාපනය පිළිබදව දැනුමක් ලබාදීම වටිනා අවස්ථාවක් වන බවයි.

නීති අධ්‍යාපනය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට හැකීවීම වත්මන් රජය ලද ජයග්‍රහණයක් බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මුලික නීතිය වැනි කරුණු පිළිබඳව කුඩා අවධියේ සිටම දැනුමක් ලබා ගැනීම තුළින් රට තුළ ජීවත් වීමේදී දෛනිකව ඇතිවන ගැටළු සඳහා මුහුණදීමට දරුවන්ට අත්වැළක් වන බවත් අමාත්‍යවරිය සඳහන් කරයි.

මුලික නීතිය මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය අපරාධ නඩු විධි විධාන සංග්‍රහය වැනි කරුණු පිළිබඳව අවබෝධයක් කුඩා කාලයේ සිටම ලබා ගැනීම තුළින් රට තුළ සිදුවන අපරාධ අඩුවීමට හේතු වන බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.

සිදු කරනු ලබන වැරදි සඳහා පවතින දඩුවම් ඒවායේ බරපතල කම වැනි කරුණු පිළිබඳව නොදැනීම නිසා ජනතාව විශාල වශයෙන් අපරාධ සිදු කරන බවත් නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම මගින් ඉදිරියේදී රට තුළ අපරාධ වැරදි ක්‍රියා අවම කර ගත හැකි බවත් අමාත්‍යවරිය සඳහන් කරයි.

Read more

Local News