වියළි කාලගුණයේ වෙනසක් ඉදිරි දින කිහිපයේදී

Share

දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ ඌව පළාත්වලත් කෑගල්ල, පුත්තලම, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

සබරගමුව පළාතේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වේ.

Read more

Local News