සේනා අල්ලන්න “පෙරමෝන් උගුලක්”

Share

“සේනා” දළඹුවා මර්ධනය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල යටතේ මෙම දළඹුවා මර්ධනය සඳහා ග්‍රීසිය, අප්‍රිකානු රටවල් සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් දැනට භාවිතා කරන “පෙරමෝන් උගුල” හඳුන්වාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.

මෙම පෙරමෝන් උගුල Bucket සහ Delta යනුවෙන් හැඩ දෙකකින් යුක්ත වන අතර, එම උගුලේ අභ්‍යන්තරයේ රඳවන පෙරමෝන් රසායනිකය වෙත “සේනා” දළඹුවාගේ පරිණත අවස්ථාව වන සළබයින්ගේ පිරිටි සතුන් ආකර්ශනය වේ. එමෙන්ම එහි රඳවා ඇති ජලයට වැටී ඔවුන් විනාශ වේ.

පෙරමෝන් උගුල සේනා මර්ධනය සඳහා යොදා ගැනීම පිළිබඳව දැනට සිදු කර ඇති ක්ෂේත්‍ර පර්යේෂණ සාර්ථක වී ඇති අතර බඩඉරිඟු වගාවේ දී එක් උගුලකට එක රැයක් තුළ “සේනා” සළබයින් 15 ත් 30 ත් අතර ප්‍රමාණයක් හසුව තිබූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.

Read more

Local News