වැලිමඩ නිවසක ගින්නක්

Share

වැලිමඩ, මිරහවත්ත ප‍්‍රදේශයේ නිවසක ඊයේ(08) රාත‍්‍රියේ ඇති වූ හදිසි ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙන බවට වාර්තා වෙයි.

මෙම නිවසේ හිමිකරුවන් රාත‍්‍රී කාලයේ සිය නිවස වසාදමා ඥාති නිවසකට ගොස් සිටියදී සිය නිවස සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇති බවටයි සඳහන් වන්නේ.

මෙම ගින්න ඇතිවීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමති අතර විදුලි කාන්දුවීමක් හේතුවෙන් මෙම ගින්න ඇතිවෙන්නට ඇතයි සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලීසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News