වැල්ලවායේ රිය අනතුරක් – ප්‍රදේශයේ විදුලිය ද විසන්ධි වෙයි

Share

වැල්ලවාය ඇල්ල ප්‍රධාන මාර්ගයේ රන්දෙණිය ප්‍රදේශයේ දී කිරි ප්‍රවාහනය කල බවුසර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වී තිබේ.

මෙම අනතුරින් එම රථයේ සහයක තුවාල ලබා ඇති අතර රියදුරු අනතුරින් පසු අතුරුදන් වී තිබෙන බවටයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුර නිසා ප්‍රදේශයේ අධිබලැති විදුලි රැහැන් කණුවක්ද විනාශ වී ඇති අතර එම ප්‍රදේශයේ විදුලි සැපයුම ද ඇණහිට තිබේ.

තුවාල ලැබූ රිය සහයකවරයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන වැල්ලවාය පොලිසිය සිදු කරයි.

Read more

Local News