ඒකීය රාජ්‍යයට කිසිම හානියක් නෑ, බුද්ධාගමට ලැබිය යුතු ප්‍රමුඛස්ථානය ලැබෙනවා – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

Share

පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පවත්වනු ලබන විවාදය අද (30) ආරම්භ කරමින් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ, නව ව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍ය සංකල්පය ආරක්ෂා වන බවත් ඒකීය රාජ්‍යයට කිසිම හානියක් නොවන බවත් ය.

මෙය ඓතිහාසික විවාදයක්.අපේ රටට නිදහස ලැබුණට පස්සේ දෙවරක් ව්‍යවස්ථාව සම්මත කළා. ලංකා ඉතිහාසයේ පළමුවරට සියලු පක්ෂ සියලු ජාතීන් එක්ව වාර්තාව සකස් කර තිබෙන්නේ. මෙය සම්පූර්ණ ලියැවිල්ල නොවේ, අවසාන ලියවිල්ලත් නොවේ. යෝජනා තිබෙනවා. ව්‍යවස්ථා දායක සභාවට අවශ්‍ය පරිදි සංශෝධනය කළ හැකියි.

යහපාලන ආණ්ඩුවට හැකිවී තිබෙනවා සියලු පක්ෂ එකතුවෙලා, ශීලාචාර ආණ්ඩුවක් ලෙස ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කරන්න. අතුරු වාර්තාවේ බුද්ධාගමට ලැබිය යුතු ප්‍රමුඛස්ථානය ලැබෙනවා. මේ යෝජනා ගැන විවිද මත කියනවා.

ඒකීය රාජ්‍ය සංකල්පය මේ යෝජනවේ ආරක්ෂා වෙනවා. ඒකීය රාජ්‍යයට කිසිම හානියක් නෑ. නිදහස ලැබුණයි පස්සේ, ප්‍රධාන පක්ෂ එකතු නොවීම නිසා තිස් වසරක යුද්ධයකට ගියා. දෙගොල්ලොම නිසා, ප්‍රමාද වී හෝ අප මෙය තේරුම් ගත යුතුයි. පටු දේශපාලන වාසි ගන්නේ නැතිව මේ ප්‍රශ්නය අවසන් කරමු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News