ඩෙංගු රෝගින් වාර්ථා විමේ ඉහළයාමක්

Share

දැනට පවතින කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගින් වාර්ථා විමේ කාලීන ඉහළයාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.

මේ තත්ත්වය අවම කර ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති වීම වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්ධන විශේෂ  ක්ෂේත්‍ර වැඩසටහන 2019 ජනවාරි 10 හා 11 දිනයන්හිදි පැවැත්වීමට කටයුතු සලසා ඇත.

මෙය බස්නාහිර පළාත, යාපනය සහ කිළිනොච්චි දිස්ත්‍රික්ක වල හදුනාගත් වැඩි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාශ 40ක ජනාධිපති කාර්යාල සාධක බලකාය සහ ජාතික ඩෙංගු මර්ධන ඒකකය ඒකාබද්ධව ක්‍රියාත්මක කරයි.

මෙම විශේෂ ක්ෂේත්‍ර වැඩසටහන් සඳහා ත්‍රීවිධ හමුදාව, පොලිසිය සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයින්ගෙන් සමන්විත කණ්ඩායම් 590ක් එක් දිනකට සිය දායකත්වය ලබා දීම සිදු වේ.

නිවාස, පාසල්, වැඩබිම්, ඉදිකිරිම් පරීශ්‍ර, ආයතන, ආගමික ස්ථාන, කර්මාන්ත ශාලා, පොදු ස්ථාන ඇතුළු ඕනෑම පරිසරයක ජලය රැදුන ස්ථානයන්හි ඩෙංගු මදුරුවාට බෝවීමේ හැකියාව පවති.

Read more

Local News