පළාත් කිහිපයකට අද තදවැසි

55

දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් අද(10) දින සිට බලාපොරොත්තු වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගාල්ල, මාතර, රත්නපුර, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක.

වයඹ පළාතේත් මොණරාගල, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

සබරගමුව පළාතේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.