ලොරි රථයක් යතුරුපැදියක ගැටෙයි – ජිවිත 2ක් අහිමි වෙයි

Share

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ මාවතගම ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් ඇත.

පසුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 20 හැවිරිදි සහ 19 හැවිරිදි වැලිකන්න සහ කොස්ගම යන ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

පාදුක්ක පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News